December, 16, 2016
මෙරට ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම තායිලන්තයේ නිමි මිශ්‍රිත (රෙඩි මික්ස්) කොන්ක්‍රීට් නිෂ්පාදන සමාගමක්වන සියාම් සිටි කොන්ක්‍රීට් සමාගම විසින් භාරගනු ලැබිණි. ඒ පිළිබඳ නිල නිවේදනය එම සමාගම දෙසැම්බර් 1 වනදා ප්‍රකාශයකට පත් කළේය. ඒ අනුව, හොල්සිම් නිෂ්පාදන සියල්ල මෙතැන් සිට "ඉන්සී සිමෙන්ති" නමින් වෙළඳපලට නිකුත්වනු ඇත. වසර තිහක කාලයක් පුරා සංස්ථා සහ මහවැලි සිමෙන්ති මෙරට ජනතාව අතරට ගෙන ගිය අයුරින් ම මෙම නවත ම සන්නාමය ද මෙරට තුළ ප්‍රචලිත කිරීමට එම සමාගම අපේක්ෂා කරයි. මින් පෙර පැවති නිෂ්පාදනවලට අමතරව මහා පරිමාණ ව්‍යාපෘතිවල අවශ්‍යතාවන්ට අනුකුලවන පරිදි නව සමාගම විසින් ඉන්සී ප්‍රෝ, ඉන්සී ප්‍රෝ ප්ලස් සහ ඉන්සී එක්ස්ට්‍රා ලෙස නිෂ්පාදන පෙළක් ද හඳුන්වා දීමට නියමිතය.
1969 දී තායිලන්තයේ ආරම්භ වූ ඉන්සී සිමෙන්ති සමාගම වර්තමානයවන විට අග්නිදිග ආසියාවේ ප්‍රමුඛ පෙළේ සිමෙන්ති නිෂ්පාදකයෙකු බවට පත්ව සිටී. එම සමාගම විසින් ඉන්සී සන්නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන සිමෙන්ති, ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ වෙනත් විසඳුම් තායිලන්තය මෙන්ම කාම්බෝජය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් තුළ අලෙවි කෙරේ.
ඉන්සී සමාගම සෞඛ්‍යය සහ සුරක්ෂිතතාවට සැම විට ම ප්‍රමුඛත්වය ලබා දෙන සමාගමක්වන බැවින් ඔවුන් විසින් සිදු කළ මෙම පවරා ගැනීම හරහා මෙරට තුළ ද එම සම්ප්‍රදාය ස්ථාපනයවනු ඇත. කාබන් විමෝචනය අවම නිෂ්පාදනයවන සංස්ථා සිමෙන්ති සහ ඉන්සී එක්ස්ට්‍රා සිමෙන්ති අලෙවි කිරීම හරහා එක් සිමෙන්ති ඇසුරුමකින් කාබන් ඩයොක්සයිඩ් කිලෝ හතක් දක්වා කාබන් විමෝචනය අවම කිරීමට සමාගම දායක වෙයි.
ශ්‍රී ලාංකේය සංවර්ධනය සඳහා ද දායකත්වය ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවන ඉන්සී සිමෙන්ති සමාගම සෞඛ්‍යය සහ මහමග ආරක්ෂාව හා පාරිසරික සුරක්ෂිතතාව යන අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. පුද්ගල කුසලතා සහ ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ආයෝජනය කිරීම තුළින් සමස්ත රටේ ප්‍රගතියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට ද සමාගම සැලසුම් කර ඇත. නව්‍ය සමාගමක් ලෙස ඉන්සී සමාගම සිය දාමය තුළ තිරසාරත්වය උපරිම අයුරින් ආරක්ෂා කරමින් දීප්තිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා පදනම සකස් කිරීමට කැප වෙයි.