June, 4, 2024
ජාත්‍යන්තර යහපරිචයන් ද සැලකිල්ලට ගනිමින්, විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබ ඇත සමාලෝචනයකින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වඩාත් ඵලදායී අයුරින් මෙහෙයවීමේ සහ සංවර්ධනය සඳහා ඒකාබද්ධ නියෝජිතායතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ, ජාතික අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ආයතනික සහ නෛතික රාමු ප්‍රතිනිර්මාණය කිරීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා කැපවූ තනි අස්ථිත්වයක් වශයෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ නමින් යෝජිත ආයතනය පිහිටුවීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story