එන්ට්‍රස්ට් කොටස් ගනුදෙනු අත්හිටුවයි

    January, 5, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගනු ලැබූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්ස් හි කොටස් ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ.

    ඊයේ (ජනවාරිි 04)පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටියේ මෙම සමාගම තුළ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබුණු බවත්, සමාගම ප්‍රතිව්‍යූහත කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් මහ බැංකුවට දැනුම් දීමට තිබූ කාලය ඊයේ පස්වරු 6.00 න් අවසන් වන බවත්ය.

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 86.83% ක හිමිකාරීත්වය එන්ට්‍රස්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සතුවන අතර 1.95% ක කොටස් හිමිකම එන්ට්‍රස්ට් ලිමිටඩ් සතුය. අනෙකුත් සෑම කොටස් හිමියෙකුම සතු කොටස් හිමිකාරීත්වය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 0.7% කට වඩා අඩුය.

    මහ බැංකු අධිපතිවරයා ඊයේ සඳහන් කළේ මෙම පවරා ගැනීමෙන් අනතුරුව එහ කළමනාකාරීත්වය රාජ්‍ය බැංකුවක් යටතට ගැනෙණ බවයි. මේ අනුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කළමනාකාරීත්වය අද සිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යටතට පවරා තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates