එන්ට්‍රස්ට් කොටස් ගනුදෙනු අත්හිටුවූයේ සමාගමෙන් පැහැදිලි කිරීමක් නැති නිසයි

    January, 8, 2016

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවා මේ වන විට දින 4 කි. සමාගම තුළ සිදුවූ මුදල් අක්‍රමිකතා සිදුවීම් කිහිපයක් හේතුවෙන් එහි කළමනාකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජනවාරි 04 වෙනිදා පියවර ගනු ලැබීය.

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීම සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ සහාකාර කළමනාකාර - සන්නාම සංවර්ධන, ලසිත විජයගුණවර්ධන මහතා මෙසේ කියා සිටියේය. “එන්ට්‍රස්ට් සමාගම සම්බන්ධයෙන් පළවූ පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ ඉල්ලා සිටියා. එහෙත් මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා තිබෙන්නේ එම හේතුව නිසයි“.

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කළමනාකාරීත්වය මේ වන විට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල් කළමනාකරණ අංශය වෙත පවරා තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම අංශයේ නිලධාරියෙකුගෙන් අදහස් ලබා ගැනීමට අප උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates