එයාර්ටෙල් කණ්ඩායමේ දායකත්වය සමඟින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් වෙයි

    June, 10, 2020

    රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය.

    එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ හා සමාන වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි.

    අදාල චෙක්පත ජනාධිපති මහලේකම් කාර්යාලයේ පරිපාලන අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙල මහතා වෙත පිරිනමමින්.