June, 28, 2017
'Great HR Debate' විවාද තරගාවලියේ ජයග‍්‍රාහී කුසලානය හිමිකරගැනීමට එයාර්ටෙල් කණ්ඩායම පසුගියදා සමත් විය. මානව සම්පත් කළමනාකරණ ආයතනය (Institute of Personnel Management - IPM) විසින් සංවිධානය කරන ලද 2017 ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයට සමගාමීව මෙම විවාද තරගාවලිය පවත්වන ලදි.
මෙරට දුරකථන සන්නිවේදන සේවා සමාගමක් ජාතික මානව සම්පත් සම්මන්ත‍්‍රණයේදී මෙම ශූරතාව දිනාගැනීමට සමත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
‘‘අපගේ කණ්ඩායමේ ජයග‍්‍රහණය මට ඉමහත් සතුටක්. එයාර්ටෙල් ලංකා සමාගම කවදත් තම සාමාජික සාමාජිකාවන්ට විවිධ අභියෝගවලට මුහුණ දෙමින්, විවිධ ක්ෂේත‍්‍රවල අත්දැකීම් ලබමින්, සිය කුසලතා දියුණු කරගෙන තම ජීවිත වඩාත් සාර්ථක කරගැනීම සඳහා අවස්ථාව සලසා දෙනවා. මෙම ජයග‍්‍රහණය එම උත්සාහයේ සාර්ථක ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඬේ මහතා පැවසී ය.
ඡායාරූපය:එයාර්ටෙල් ලංකා සමාගමේ විවාද කණ්ඩායමේ සාමාජිකයන් වන ප‍්‍රාර්ථනා රණසිංහ (මානව සම්පත්), ෆවාස් නිසාම්ඞීන් (පාරිභෝගික සේවා), සහරා අන්සාරි (අලෙවි) සහ ලලීන්ද්‍ර මුණසිංහ (ආයතනික විකුණුම්) ‘‘ඉහළ තාක්ෂණයෙන් යුත් වෘත්තීය සංස්කෘතියක් පවතින්නේ නම් පමණක්, ක‍්‍රමොපායිකව සැලසුම් කරන ලද මානව සම්පත් පරිචයන් ඔස්සේ ආයතනික නව්‍යකරණය හා සාර්ථකත්වය කරා ගමන් කළ හැක” යන මාතෘකාව යටතේ ඊට විපක්ෂව කරුණු දක්වමින් ඉතාමත් සාර්ථක තරගයකින් අනතුරුව ජයග‍්‍රහණය තමන් සතු කර ගත්හ.
Video Story