June, 11, 2014
මෙරට සුප්රකට සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගම ඉන්දියාවේ චෙන්නායි නුවරින් අළුතින්ම ඉදිකළ තරු පහේ හෝටලයක් මිලදී ගෙන තිබේ.
කාමර 143 කින් සමන්විත මෙම තරු පහේ හෝටලය මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලකටයි.
එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගමේ කොටස් වලින් සියයට 49 ක් එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමටත් සියයට 51 ක කොටස් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමටත් අයත් වේ.
Video Story