එරාන් වැරදියි – රවී කියයි

    September, 4, 2016

    වොක්ස්වැගන් සමාගමේ කර්මාන්තශාලාවක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කළ ප්‍රකාශය වැරදි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    පසුගිය සතියේ අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය හා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ, ජාත්‍යන්තර වශයෙන් වොක්ස්වැගන් සමාගමට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය හමුවේ ඔවුන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර තිබෙන බවකි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයාකියා සිටියේ, මෙය වැරදි ප්මේ‍රකාශයක් බවත්, මෙම කටයුත්තේ ලංකාවේ නියෝජිතයා එරාන් නොවන බවත්ය.