ඒකක 26 කින් කොළඹ කොටස් පහළ යයි

    June, 22, 2016

    අද (22) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.08 කින් පහළ ගිය අතර එහි අගය ඒකක 6,420.80 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.40% ක පහළ යාමකි.

    අද දින රුපියල් මිලියන 570 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 408.9 ක් ලෙසත්, දේශීය විකිණුම් රු. මිලියන 455.26 ක් ලෙසත් වාර්තා විය. සුපුරුදු පරිදි අද දිනයේ දී විදේශීය ආයෝජකයින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා දැක්වූ දායකත්වය සාපේක්ෂව පහළ අගයක් ගත් අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 161 ක් සහ විදේශීය විකිණුම් රුපියල් මිලියන 114 ක් ලෙසින් සටහන් විය.

    වෙළෙඳපොළ පිරිවැටුම සඳහා ඉහළ දායකත්වයක් ලබා දීමට ටෙක්ස්චර්ඩ් ජර්සි සමාගමේ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු 4 ක් සමත්විය. එම ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 187.8 කි. දෙවැනියට වැඩිම පිරිවැටුම වාර්තා කිරීමට කොමර්ෂල් බැංකු කොටස් ගනුදෙනු සමත් වූ අතර එහිදී රුපියල් මිලියන 109 ක් සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු තුළින් හා රුපියල් මිලියන 26.98 ක් ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු වශයෙන් වාර්තා වුණි. මීට අමතරව එයිට්කන් ස්පෙන්ස් සමාගමේ රුපියල් මිලියන 25 ක කොටස් ප්‍රමාණයක් ද අද දිනයේ දී ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් ලෙසින් හුවමාරු විණි.

    Video Story

    Stock Market

    Exchange Rates