ඔක්තෝබරයේ මේ දක්වා සංචාරකයින් 55,000 ක් දිවයිනට

    October, 16, 2024

    2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි.

    ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,540,161ක් ලෙසයි.

    එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 29.2%ක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

    මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.