ඔක්තෝම්බර් මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් ශ්‍රී ලංකාවට

    October, 19, 2023

    2023 ඔක්තෝම්බර් 15වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.

    එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් මෙරටට පැමිණ ඇති බවයි.

    2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 26% ක් හෙවත් 12,252 ක් ඉන්දීය සංචාරකයින් වන අතර රුසියාවෙන් 4,554ක් , එක්සත් රාජධානියෙන් 4,008ක් , චීනයෙන් 3,269ක් සහ ජර්මනියෙන් 3,180ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.