September, 13, 2014
ඔඩෙල් විකුණා දැමීමෙන් පසුව ඔටාරා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ තමාගේ මෙම තීරණය නිසා සේවකයින් දැඩි කම්පනයකට පත්වූ බවයි.
කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගමක් නිසා තමාගේ තීරණය සේවකයින්ට කලින් දැනුම් දීමට නොහැකි වූ බව ඇය පැවසුවාය.
ඉදිරියටත් කිසිදු සමාගමක වැඩ කිරීමට නොයන බවත් සන්නාම හා සමාගම් ගොඩ නැගීමට කටයුතු කරන බවත් තමා කැමැත්තක් දක්වන්නේ ඒ සඳහා බවත් ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.
මේ අනුව, ඇය පැවසුවේ “එම්බාර්ක්“ සන්නාමය තවදුරටත් ගොඩනැගීම සඳහා තමා කැපවන බවයි. කුඩා කල සිටම සත්ත්වයන්ට සැලකීම සඳහා තිබූ දැඩි කැමැත්ත ඉටුකර ගැනීම සඳහා දැන් අමතර කාලයක් තිබෙන බව ඇය කීවේ ප්රමෝදයෙනි.
ඔඩෙල් පී.එල්.සී. සමාගමේ ව්යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා සොෆ්ට්ලොජික් සමූහයටත් මැලේසියානු Parkson Retail Asia Ltd සමාගමටත් සැලසුම් රැසක්ම ඇතැයි ඇය පැවසුවාය.
අනිකුත් කොටස් කරුවන්ගේ කොටස් මිලදී ගැනීම සඳහා සොෆ්ට් ලොජික් සමූහය විසින් අද හෙටම අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) නිකුත් කරනු ඇති බවත් ඒ අනුව ඔඩෙල් හි, අනාගත හිමිකාරීත්වය තීරණය වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඔටාරා පැවසුවේ තමා ඔඩෙල් ප්රධාන විධායක ධූරයේ තවත් ටික කාලයක් රැඳී සිටින බවත් ඉදිරියටත් සමාගමේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබාදීමට සූදානම් බවයි.
(ඔටාරා විසින් ඔඩෙල් හිමිකාරීත්වය විකිණීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අපේ පෙර ලිපි කිහිපයක දැක්වේ.)
ඔටාරා සමග අපි පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
Video Story