September, 10, 2015
විවිධ හේතු මත කැලෑවන් තුළින් බේරාගන්නා වන සතුන් නැවතත් කැලෑවන් තුළට මුදාහැරීම වෙනුවට ඔවුන් සත්ත්වෝද්‍යාන වෙතට රැගෙනයාම වැලැක්වීම සඳහා මැදිහත්වන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්කර ඇත.
ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනමහතා වෙත ලිපියක් යොමු කරමින් මේවනවිට වන ජීවිසංරක්ෂණදෙපාර්තමේන්තුව භාරයේ සිටින වලස් පැටවුන් සිව්දෙනා සහ දිවි පැටවා පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර මොවුන්ව මෑතකදී පින්නවල, වාගොල්ල ප‍්‍රදේශයේපිහිටුවා තිබෙන නව සත්ත්වෝද්‍යානයට භාරදෙන ලෙස ඉල්ලීමක් ලැබී ඇතැයි සඳහන්කර ඇත.
මෙම තීරණයට එරෙහිව ඇය මෙන්ම සොබාදහමට සහ පරිසරයට ආදරය කරන කණ්ඩායම් සහ පුද්ගලයින් දැක්වූ විරෝධතාවයන්ට අදාළ ඇමුණුම්ද මෙම ලිපියට එක්කර තිබෙන්නේ වන ජීවී විශේෂඥයින් සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සන්ධානයේ දැක්ම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීම සඳහායි.
ඔටාරා පදනම සඳහන් කර තිබෙන්නේ පින්නවල පිහිටි නව සත්ත්වෝද්‍යානයේ මේවනවිට දිවියන් හයදෙනෙකු සිරකර ගෙන සිටින නිසා හත්වැන්නෙකුත් අවශ්‍ය වන්නේදැයි ප‍්‍රශ්නයක් තිබෙන බවයි. මීටඅමතරව, ශ‍්‍රී ලංකාවට ආවේණික වලසා, වඳවෙමින් යන සත්ත්වයෙකු ලෙස පරිසරය සංරක්ෂණය කිරීම සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙම ලිපිය මගින් දක්වා තිබේ. පශු වෛද්‍යවරුන් සහ වන ජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විරෝධතා තිබියදීත්මෙම වලස් පැටවුන්ගෙන් තිදෙනෙකු මේවනවිට හම්බන්තොට සෆාරි උද්‍යානයේත්, එක් පැටවෙකු දෙහිවල සත්ත්වෝද්‍යානයේත් රඳවාගෙන සිටින බව සඳහන්ය.
ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. ‘කැලෑ තුළ ජීවත්වන සතුන් සත්ත්වෝද්‍යාන පිරවීම සඳහා ඉල්ලා සිටීමේ ක‍්‍රමවේදය අප විසින් නතර කළ යුතුයි. අප මෙන්ම සෑම සත්ත්වයෙකුටම නිදහසේ ජීවත්වීමට අයිතිවාසිකමක් තිබෙනවා. මේනිසා, ඔවුන් ස්වභාවික නිවහනෙන් බලහත්කාරයෙන් රැගෙන විත් විනෝදාස්වාදය සඳහා හිරකර තැබීම අනිවාර්යෙන්ම නොකළ යුතු දෙයක්. සතුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් කූඩුවල හිරකර තබන සත්ත්වෝද්‍යාන වැඩිපුර ගොඩනැගීමෙන් ඉවත්වී අප විසින් සියළුම උත්සාහයන් යෙදිය යුත්තේ ඔවුන් සංරක්ෂණය කිරීමටයි. මෙම වලසුන් සහ දිවියන් නැවතත් අනිවාර්යෙන්ම කැලෑව තුළට මුදාහැරිය යුතු අතර එය වන ජීවීසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් වෙනවා. මෙම සුන්දර සතුන් වෙනුවෙන් නිවැරදි දේ සිදුවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.’
‘රටකට අවශ්‍ය යහපත් වෙනසක් වෙනුවෙන් වන උත්සාහයන් පටන් ගැනීමට අපට මේවනවිට ඇත්තටම කාලය පැමිණ තිබෙනවා. හොඳ සත්ත්ව ශුභසාධනයක් ඇතිකිරීම මෙන්ම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නැගීමට නොහැකි සතුන් ඇතුළු සියලූම ජීවීන්ට ගරු කිරීම මෙහිදී ඉතාමත් වැදගත් වෙනවා. මෙම සතුන්ගෙන් බොහෝ දෙනෙකු වේදනාවන්ට පත්වූ අතර තවත් බොහෝ දෙනෙකු එවැනි පීඩාවන්ට අඛණ්ඩවම ලක්වී තිබෙනවා.කරුණාවන්ත ලංකාවක් ඇතිකරමින් මෙම වෙනස සිදුකිරීම සඳහා මා මෙන්ම තවත් බොහෝ පිරිසක් කැමැත්තෙන් සිටින බව මා හොඳින්ම දන්නවා. යැයිද ඇයප‍්‍රකාශ කළාය.
දැනුවත්කිරීම, යහපාලනය සහ ප‍්‍රතිපත්ති වෙනස්කිරීම මගින් දේශගුණය වෙනස්වීමට එරෙහිවත් සතුන් සහ පරිසරය සංරක්ෂණය කිරීමටත් කටයුතු කරමින් ශ‍්‍රී ලංකාව සහ ලෝකයේ අනිකුත් ප‍්‍රදේශ තිරසාරාත්මක ලෙස වෙනස්කිරීමටත් පරිවර්තනය කිරීමටත්අනුබලයක් ලබාදෙන්නෙකු ලෙස කටයුතු කිරීම ඔටාරා පදනමේ පරමාර්ථයයි.

Video Story