ඔටාරා සමග එම්බාර්ක් මහනුවරට

    October, 22, 2015

    එම්බාර්ක් විසින් සිය තෙවන ස්වාධීන අලෙවිසැල ඓතිහාසික මෙන්ම මනස්කාන්ත මහනුවර නගරයේ විවෘත කර ඇත.

    කැන්ඩි සිටි සෙන්ටර් හි, තුන්වන මහලේ අංක 30 දරණ ස්ථානයේ පිහිටා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල ගාලූ කොටුවේ පිිහිටුවා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැලේ ස්වභාවය ගනී. මෙහි, කාන්තාවන්ට සහ පිරිමින්ට සහ ළමුන්ට විලාසිතා වලින් සපිරි අති නවීන ඇඟලූම්, පාවහන්, ආයිත්තම් පෙළක් අලෙවි කරනු ලබයි. ඔටාරා ගුණවර්ධන මහත්මියගේ මග පෙන්වීම යටතේ එම්බාර්ක් සන්නාමය මගින් උපයා ගන්නා මුදල් වලින් කොටසක් මෙරට වීදි සුනඛයින් සහ ප‍්‍රජාවගේ ශුභ සාධනය වෙනුවෙන් වෙන් කරනු ලබන්නේ විලාසිතා වලින් සැරසෙන අතරම සමාජ සත්කාරක කටයුත්තක් වෙනුවෙන්ද පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමිනි.

    මෙම අලෙවිසැලද එම්බාර්ක් සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මියගේ වීදි සුනඛ සුරතලූන් තිදෙනා වන නිකෝ, බැන්ඩිට් සහ රෝසිගෙන් සහ එම්බාර්ක් සන්නාමයෙන් සුවිශේෂී ලෙස වර්ණවත් ලෙස අලංකරණය කර තිබේ. එම්බාර්ක් සන්නාමය යටතේ අලෙවි කරන සුප‍්‍රසිද්ධ ඇඟලූම් සහ ආයිත්තම් මෙම වීදි සුනඛ සුරතලූන් තිදෙනා තේමා කරගෙන ඇත.

    මේ වසරේ අගෝස්තු මාසයේදී ගාලූ කොටුවේ ස්වාධීන අලෙවිසැලක් විවෘත කරමින් එම්බාර්ක් සිය ස්වාධීන අලෙවිසැල් පිහිටුවීම ආරම්භ කළ අතර එම්බාර්ක් දෙවන ස්වාධීන අලෙවි සැල පසුගියදා බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ විවෘත කරන ලදී.
    0203

    Video Story

    Stock Market

    Exchange Rates