March, 20, 2026
මුඛ සෞඛ්‍යය යනු දත් සුදුවට සහ පිරිසිදුව තබා ගැනීමට පමණක් සීමා වූවක් නොවන බව මාර්තු 20 වැනිදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනය අපට නැවතත් සිහිපත් කර දෙයි. බොහෝ දෙනෙක් දත් දිරායාම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්ත ද, තමන්ගේ විදුරුමස්වල සෞඛ්‍යය පිළිබඳව සිතන්නේ ඉතා කලාතුරකිනි. නමුත් නීරෝගී විදුරුමස් යනු ඔබේ දත්වලට ආරක්ෂාව සහ ශක්තිමත් පදනම සපයන පද්ධතියයි. එමෙන්ම විදුරුමස්වල නීරෝගීභාවය ඔබේ සමස්ත ශරීර සෞඛ්‍යයටම විශාල බලපෑමක් ඇති කරයි.
දත් මදින විට ඔබේ විදුරුමස් කෙරෙහි ඔබ කොතරම් අවධානයක් යොමු කරනවා ද? නිතර පවතින මුඛයේ දුර්ගන්ධය, විදුරුමස් ඉදිමීම, වේදනාව හෝ දත් මදින විට සිදුවන සුළු ලේ ගැලීම් ගැන ඔබ සැලකිලිමත් වුණා ද? බොහෝ විට අප මෙවැනි ලක්ෂණ නොසලකා හැරීමට පුරුදු වී සිටියත්, ඒවා විදුරුමස් ආශ්‍රිත රෝගයක මුල් ලක්ෂණ විය හැකියි. Clogard Natural Salt වැනි විශ්වාසදායක දන්තාලේපයක් භාවිතයෙන් හා නිසි මුඛ සෞඛ්‍යය පුරුදු අනුගමනය කිරීමෙන්, මුල සිටම විදුරුමස් රැකගැනීම සහ දත් දිරායාම වළක්වා ගත හැකිය.
විදුරුමස් රෝග යනු දියවැඩියාව සහ හෘද රෝග වැනි ශරීරයේ අනෙකුත් රෝගී තත්ත්වයන් කෙරෙහි ද බලපාන ප්‍රධාන සාධකයක් බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. විදුරුමස්වල ඇති වන ප්‍රදාහයන් (ඉදිමීම්) සහ බැක්ටීරියා රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමෙන් ශරීරයේ අනෙකුත් අවයවවලට ද හානි පැමිණවීමේ අවදානමක් පවතී. මේ නිසා දිනපතා මුඛ සෞඛ්‍යය රැක ගැනීමේ දී දත්වලට මෙන්ම විදුරුමස්වලට ද එක හා සමාන ප්‍රමුඛතාවයක් ලබා දීම ඉතා වැදගත් වේ.
විදුරුමස්වලින් ලේ ගැලීමක් සිදු නොවේ නම් ඒවා නීරෝගී යැයි සිතීම බොහෝ දෙනා අතර පවතින වැරදි මතයකි. සැබවින්ම විදුරුමස් රේඛාවට පහළින් දත් මැදීම මගින් පිටතට පෙනෙන ලේ ගැලීම අඩු විය හැකි වුවත් ඒ යට සැඟවී ඇති මැලියම් (Plaque) ඉවත් නොවීම ගැටලුවකි. විදුරුමස් රේඛාව දිගේ මෙලෙස බැක්ටීරියා තැන්පත් වීමෙන් විදුරුමස් තුවාල වීමට හෝ ඉදිමීමට පටන් ගනියි. මෙය නොසලකා හැරියහොත් පසුව බරපතල විදුරුමස් රෝග දක්වා වර්ධනය විය හැකියි. බරපතල විදුරුමස් රෝග නිසා විදුරුමස් දියවීම, දත් සෙලවීම සහ අවසානයේ දත් හැලීමට පවා ඉඩ ඇතත් මුල් අවස්ථාවේදීම හඳුනා ගත හොත් මෙම රෝගී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කරගත හැකිය.
ඔබේ විදුරුමස්වල සෞඛ්‍යය තීරණය වන්නේ ඔබේ ජීවන රටාව මතයි. දුම්පානය නිසා විදුරුමස් රෝග ලක්ෂණ සැඟවිය හැකි අතර සීනි අධික ආහාර බැක්ටීරියා වර්ධනයට මග පාදයි. එමෙන්ම දිගුකාලීන මානසික පීඩනය නිසා විදුරුමස් ආසාදන පාලනය කිරීමට ශරීරයට ඇති හැකියාව අඩු වේ. එබැවින් නීරෝගී මුඛ සෞඛ්‍යයක් සඳහා හුදෙක් දත් මැදීම පමණක් නොව දෛනිකව අනුගමනය කරන යහපත් සෞඛ්‍යය පුරුදු ද ඉතා වැදගත් වේ.
එබැවින් මෙවර ලෝක මුඛ සෞඛ්‍යය දිනයේ දී ඔබ ඔබෙන්ම ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය වන්නේ 'මගේ දත් පිරිසිදු ද?' යන්න පමණක් නොව, 'මගේ විදුරුමස් සැබවින්ම නීරෝගී ද?' යන්නයි.
Clogard Natural Salt වැනි ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම, විදුරුමස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නිතිපතා දත් අතර පිරිසිදු කිරීම (Flossing) සහ අවම වශයෙන් මාස හයකට වරක්වත් දන්ත වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම යනු පූර්ණ මුඛ සෞඛ්‍යයක් සඳහා ඔබ තැබිය යුතු පළමු පියවරයන් වේ. දිගුකාලීන මුඛ සෞඛ්‍යය රැක ගැනීම සඳහා රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සැමවිටම වඩාත් ඵලදායී මෙන්ම වියදම් අඩුම ක්‍රමයයි.
නව දන්තාලේපවල අන්තර්ගතය සඳහා දැන් ස්වභාවික ලුණු (Natural Salt) ඇතුළත් කර ඇත. පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ ගුණයෙන් යුතු ස්වභාවික ලුණු, අතීතයේ සිටම මුඛ සත්කාර සඳහා භාවිතා කළ ඉතා වටිනා අංගයකි. මීට අමතරව දත්වල එනමලය (Enamel) ශක්තිමත් කරන සහ දත් දිරායාම වළක්වන බව සායනිකව තහවුරු කරන ලද ෆ්ලෝරයිඩ් ද මෙයට එක් කර තිබේ. Clogard Natural Salt, නවීන විද්‍යාවත්, ස්වභාවික සත්කාරයත් එක් කරමින් දත් දිරායාම වළක්වමින් විදුරුමස් රැක ගැනීමට කටයුතු කරයි.
අවසාන වශයෙන් විදුරුමස් නීරෝගීව තබා ගැනීම යනු දත් දෙපළ රැකගැනීම පමණක් නොව එය ඔබේ සමස්ත සෞඛ්‍යය සුරැකීමකි. එමෙන්ම ශරීරයට ඇතුළු වන අහිතකර බැක්ටීරියාවලට එරෙහිව ක්‍රියා කරන ප්‍රධාන ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමකි. දෛනික මුඛ සෞඛ්‍යය පුරුදු සඳහා Clogard Natural Salt වැනි නිෂ්පාදන එක් කර ගැනීමෙන්, වඩාත් නීරෝගී දත් සහ විදුරුමස් පවත්වා ගැනීමට ඔබට හැකි වේ.
එබැවින් මාර්තු 20 වනදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනය, දත් ගැන පමණක් නොව මුඛ සෞඛ්‍යය පිළිබඳ පුළුල්ව සිතන්නට අවස්ථාවක් කර ගනිමු. මන්ද, දිගුකාලීන මුඛ සෞඛ්‍යයේ පදනම ඔබේ විදුරුමස් වන බැවිනි.
ලෝක දන්ත වෛද්‍ය සම්මේලනයේ (FDI) පිළිගැනීම ලත් Clogard Natural Salt වෙතින් මෙවර ලෝක මුඛ සෞඛ්‍යය දිනය වෙනුවෙන් ගෙන එන පණිවිඩයකි.
Video Story