September, 2, 2025
2019 වසරේ දී ශ‍්‍රී ලංකා පරිසර අධිකාරිය විසින් ද, පසුව 2021 වසරේ දී එවකට පැවති රජයේ නියෝගයකින් ද ශ‍්‍රී ලංකාවේ කටුපොල් වගාව තහනම් කිරීම අදටත් බලපැවැත්වේ. කටුපොල් වගාව සම්බන්ධව මෙවැනි දැඩි තීරණයක් ගෙන ඇති ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව වීම ද විශේෂත්වයකි. කටුපොල් වගාව ජෛව විවිධත්වයට, පසට, වර්ෂාපතනයට, ජල සුරක්‍ෂිතතාවයට, ශරීර සෞඛ්‍යයට සහ පොදුවේ ජන ජීවිතයට අහිතකර බලපෑමක් ඇති වේ යැයි ඒත්තු ගන්වා බලධාරීන් මෙම තහනමට පොළඹවා ගෙන ඇති බව නොරහසකි. නමුත් ගෝලයීය ප‍්‍රවණතා බැලූවහොත් රටවල් 43 ක හෙක්ටයාර මිලියන 30 ක මෙම බෝගය වගාකර එමගින් ගෝලයීය එළවලූ තෙල් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් පමණ සපයයි. මේ ආකාරයෙන් කටුපොල් වගා කර ඇති එකඳු රටකවත් ශ‍්‍රී ලංකාවේ ජනගත කර ඇති පාරිසරික ප‍්‍රශ්න වාර්තා වී නොමැත. නමුත් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් කටුපොල් වගා කිරීමට වනාන්තර ඉවත් කිරීම හේතුවෙන් ඇති වූ පාරිසරික ප‍්‍රශ්න විශාල වශයෙන් කතා බහට ලක් වී ඇත. මෙම පාරිසරික ගැටලූ මුල් කරගනිමින් හටගත් විරෝධතා හේතුවෙන් මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවල් ස්වාභාවික වනාන්තර කටුපොල් වගා කිරීමට භාවිතා කිරීම නවතා, තිරසාරව කටුපොල් වගා කිරීමට අවශ්‍ය ප‍්‍රතිපත්ති ද හඳුන්වා දී ඇත. ස්වාභාවික වනාන්තර ඉවත් කර ඕනෑම බෝගයක් වගා කිරීමෙන් අහිතකර පාරිසරික බලපෑම් ඇති වන බව සත්‍යයකි. නමුත් ශ‍්‍රී ලංකාවේ කටුපොල් වගා කිරීමට ස්වාභාවික වනාන්තර යොදා ගැනීම කිසිසේත් සිදු වී නොමැත.
තහනමට ලක් වීමට පෙර ශ‍්‍රී ලංකාවේ හෙක්ටයාර 20,000 ක කටුපොල් වගා කිරීමට 2009 සහ 2016 යන වසර වලදී පැවති රජයන් අනුමැතිය ලබා දී තිබුණි. නමුත් 2019 සහ 2021 යන වසර වල තහනම ක‍්‍රියාත්මක කරන අවස්ථාවේ රටේ කටුපොල් වගා කර තිබූ මුලූ ඉඩම් ප‍්‍රමාණය හෙක්ටයාර 11,000 ක් පමණය. ඒ අනුව තහනම හේතුවෙන් කටුපොල් හෙක්ටයාර 9,000 ක් පමණ නව වගා ප‍්‍රමාණයක් ස්ථාපනය කිරීමට නොහැකි විය. එපමණක් නොව ආර්ථිකව ඵලදායී ආයු කාලය ඉක්මවා ගිය කටුපොල් හෙක්ටයාර 2,000 ක් පමණ නැවත වගා කිරීම ද මින් නැවතුණි. ඒ අනුව තහනම හේතුවෙන් හෙක්ටයාර 11,000 ක් පමණ කටුපොල් වගා කිරීමට ආයෝජකයින්ට නොහැකි විය. තහනම ක‍්‍රියාත්මක කරන විට සමාගම් විසින් රුපියල් මිලයන 500 කට වැඩි ප‍්‍රමාණයක් රෝපණ ද්‍රව්‍ය ආනයනය කිරීමට, තවාන් ස්ථාපනය කිරීමට සහ බිම් සැකසීම සඳහා ආයෝජනය කර තිබුණි. තහනම හේතුවෙන් එම ආයෝජනයෙන් කිසිදු ප‍්‍රතිලාභයක් වැවිළි සමාගම් සඳහා නොලැබුණි.
සාමාන්‍ය පාලන තත්වයන් යටතේ කටුපොල් හෙක්ටයාරයකින් වසරකට පාම් තෙල් මෙට්‍්‍රක් ටොන් 04 ක් පමණ ලබා ගත හැක. ඒ අනුව තහනම හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ හෙක්ටයාර 11,000 කින් අපිට අහිමි වන පාම් තෙල් ප‍්‍රමාණය මෙට්‍්‍රක් ටොන් 44,000 කි. වර්තමානයේ ලෝක වෙළඳපොලේ බොර පාම් තෙල් මෙට්‍්‍රක් ටොන් 1 ක විකුණුම් මිළ ඇමේරිකානු ඩොලර් 1,000 කි. ඒ අනුව කටුපොල් තහනම හේතුවෙන් අපට වගා කිරීමට නොහැකි වූ ඉඩම් ප‍්‍රමාණයෙන් අප රටට අහිමි වන විදේශ විනිමය ප‍්‍රමාණය වසරකට ඇමේරිකානු ඩොලර් මිලියන 44 කි. ශ‍්‍රී ලංකාවේ පාම් තෙල් අමු ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන කර්මාන්තත විශාල ප‍්‍රමාණයක් ඇති අතර දේශීය පාම් තෙල් අවශ්‍යතාවය වසරකට මෙට්‍්‍රක් ටොන් 200,000 පමණ වේ.
කටුපොල් තහනම රටේ සමස්ත ආර්ථිකයට ඍනාත්මක බලපෑමක් ඇති කරන ගමන්ම, වැවිළි කර්මාන්තයේ ආයෝජිකයිනට සහ සියලූ සේවකයිනට ඔවුන්ගේ ආර්ථිකය දියුණු කර ගැනීමට තිබුණුු මහගු අවස්ථාවක් ද අමිහි කර ඇත. දැනට ශ‍්‍රී ලංකාවේ වගා කරන වැවිළි බෝග අතරින් ඉහළම ලාභයක් ගෙනදෙන බෝගය කටුපොල්ය. සාමාන්‍ය කළමනාකරණ තත්වයන්, දැනට පවතින නිශ්පාදන වියදම් හා විකුණුම් මිළ අනුව කටුපොල් හෙක්ටයාරයකින් වසරකට රුපියල් ලක්ෂ 06 ක පමණ ලාභයක් උපයා ගත හැක. ඒ අනුව තහනම නිසා වගා කිරීමට නොහැකි වූ හෙක්ටයාර 11,000 කින් ආයෝජිකයින් හට උපයා ගැනීමට අහිමි වන ලාභාංශය වසරකට රුපියල් බිලියන 66 කි. මීට අමතරව මෙම කටුපොල් හෙක්ටයාර 11,000 ක වතු කම්කරුවන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් 3,500 කගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ද හැකියාවක් ඇත.
ලෝකයේ බහුලව භාවිතා වන එළවලූ තෙල් වර්ගය පාම් තෙල් ය. එම ප‍්‍රමානය ගෝලයිය අවශ්‍යතාවයෙන් සියයට 40 කි. ඒකීය භූමි ප‍්‍රමානයකින් වැඩිම තෙල් අස්වැන්නක් ලබා දෙන බෝගයද මෙය වන අතර එය වෙනත් එළවලූ තෙල් ලබා ගැනීමට වගා කරන බෝග වලට සාපේක්‍ෂව 4 සිට 10 ගුණයකි. ඒ නිසාම පාම් තෙල් නිශ්පාදන මිල සහ වෙළඳ පොළ මිළ වෙනත් වළවලූ තෙල් වලට සාපේක්‍ෂව අඩුය. මෙම කර්මාන්තය නිසාම ලෝකයේ දියුණු වුු රටවල් රාශියක් ඇති අතර මැලේසියාව සහ ඉන්දුනීසියාව ඊට කදිම නිදසුන්ය. ඉන්දියාව මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා සැලසුම් සාදා ක‍්‍රියාත්මක කරමින් පවතී.
ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයෙහි කටුපොල් වගාව සාර්ථකව කිරීම සඳහා අවශ්‍ය පාංශු සහ දේශගුණික තත්වයන් පවතී. එමෙන්ම එම බෝගයට ආයෝජනය කර ලබා ගත හැකි ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් වතු සමාගම් සහ කුඩා ඉඩම් හිමියන් එම කර්මාන්තයේ ආයෝජනය කිරීමට ද කැමැත්තෙන් සිටිති. ඒ අනුව මෙම කර්මාන්තය වෙනත් රටවල මෙන් සාර්ථකව ස්ථාපනය කර රටෙහි ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට අවශ්‍ය වට පිටාව සකස් වී ඇත. රටේ දියුණුවට ඉමහත් පිටුවහළක් වීමට විභවයක් ඇති මෙම කර්මාන්තය අප රටේ යාතාර්ථයක් කර ගැනීමට අවශ්‍ය වී ඇත්තේ් නිවැරදි තොරතුරු පදනම් කරගෙන ප‍්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තීරණයක් ගැනීමයි.
සම්මානික මහාචාර්ය අසෝක නුගවෙල
Video Story