ඔස්ට්‍රියා – ශ්‍රී ලංකා සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි

    October, 28, 2015

    ඔස්ට්‍රියා ගුවන් ස්වයට අයත් බෝයිංග් 767 ගුවන් යානායක් අද දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

    මේ පිළිබඳව අද දෙරණ BIZ කළ විමසීමක දී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී එච්.එම්.සී. නිමල්සිරි මහතා මෙසේ කියා සිටියේය. “ඔස්ට්‍රියා ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා ප්‍රමාණයේ මදකමත්, වියානා නුවර සිට කොළඹ දක්වා සෘජුව ගමන් ගන්නා මගීන් සංඛ්‍යාවේ පැවති අඩු බවත් නිසා, 2008 වසරේ ජනවාරි 24 වැනි දින ඔස්ට්‍රියා ගුවන් සේවය මෙරට ගුවන් ගමන් වාර අත්හිටුවනු ලැබුවා. එසේම එම වකවානුවේ මෙරට පැවති ආරක්ෂක තත්ත්වයත් එලෙස ගුවන් ගමන් වාර නතර වීමට හේතු වුණා.“

    එලෙස අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය අද දිනයේ සිට යළිත් වරක් ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් අද දෙරණ BIZ වෙත කියා සිටියේය. මේ අනුව නැවත වරක් අද දිනයේ දී වියානා - කොළඹ ගුවන් ගමන් ඇරඹීමට ඔස්ට්‍රියා ගුවන් සේවය තීරණය කරනු ලැබූ අතර, මේ අනුව සෑම බදාදා දිනකම ඔස්ට්‍රියාවේ වියානා නුවර සිට සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා සෘජු ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක වේ.

    මෙය බෝයිංග් 767 ගුවන් යානායක් වන අතර එහි ඉකොනොමි පංතියේ මගීන් 199 කට හා ව්‍යාපාරික පංතියේ මගීන් 26 කට ගමන් කිරීමේ අවස්ථාව සැලසේ.

    Video Story

    Stock Market

    Exchange Rates