July, 30, 2014
අවශ්‍ය අවස්ථාවක තවත් ඩොලර් බැඳුම්කරයක් නිකුත් කිරීම මගින් විදේශීය ණය ලබාගැනීම සඳහා ලංකා බැංකුව සූදානම් බවත් ඒ පිළිබඳව බැංකුව විමසා බලමින් සිටින බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, ඩී.එම්. ගුණසේකර මහතා කියයි.
ඔහු අප සමග පැවසුවේ මේ වනවිට බැංකුවේ ද්‍රවශීලතාවය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන නිසා මේ අවස්ථාවේදී ඩොලර් බැඳුම්කරයක් නිකුත් නොකරන බවයි.
නමුත්, අඩු පොලී වාතාවරණය හමුවේදී ඉදිරියේදී දේශීය ණය වර්ධනයක් ඇති වුවහොත් එවිට ලංකා බැංකුවට තවත් ඩොලර් බැඳුම්කරයක් නිකුත් කිරීමේ හැකියාව තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
බැංකුව මුලින්ම ජාත්‍යන්තර පස් අවුරුදු බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් මිලියන 500 ක මුදලක් රැස්කර ගත් අතර ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කළ ලාංකේය පළමු බැංකුව වන්නේ මෙයයි. ඉන් පසුව, ගිය වසරේදීද ලංකා බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කළේය.
2014 අගෝස්තු 01 වනදා ලංකා බැංකුව සිය 75 වන සංවත්සරය සමරන අතර මේ වනවිට දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා ප්‍රමාණය 619 කි.
75 වන සංවත්සරය සමරමින් බැංකුව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
Video Story