ඕස්ට්‍රේලියා වීසා ප්‍රතිපත්තියේ වෙනසක්

    September, 27, 2016

    ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍යවරයා විසින් නව සංක්‍රමණික වීසා ක්‍රමයක් පසුගියදා නිවේදනය කරන ලදී.

    මේ අනුව දැනට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සියින තැනැත්තන් හට සිය මව්පියන් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන අතර වසර 5 ක තාවකාලික අනුග්‍රාහකත්ව පදනම මත ඔවුන් හට වීසා ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.

    ඕස්ට්‍රේලියාවේ සහකාර ආගමන අමාත්‍ය Alex Hawke පවසන්නේ තම රජයේ පූර්ව ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් මෙම තීරණය ගෙන ඇති බවයි. එසේම සංක්‍රමණියකයින් හට සිය පවුලේ සාමාජිකයින් සමඟ වැඩි කාලයක් ගත කරලීම සඳහා මේ අනුව අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    පහත් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියානු සහකාර ආගමන අමාත්‍යවරයා විසින් නිකුත් කළ අදාළ නිවේදනයයි.