ඖෂධ, කිරි, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ආයෝජකයින්ට බන්දිත ගුදම්

    May, 28, 2018

    2018 අය වැය අයවැය යෝජනා අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපාර යනාදිය සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යෝජනා කරනු ලැබ තිබේ.

    එකී කර්මාන්තයන් ස්ථාපිත කිරීම හෝ පුළුල් කිරීම සඳහා වන ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන දේශීය ආයෝජකයින් වෙත සහන සැලසීම මඟින් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම මෙමඟින් අපේක්ෂා කෙ‍රේ. ඒ අනුව, ඖෂධ නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය නිපදවීම හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන කර්මාන්තවල නව ආයෝජන හා පුළුල් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් බන්දිත ගුදම් පහසුකම් ක්‍රමයක් හඳුන්වා දීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.