November, 23, 2016
ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී රජය වැඩිදුරටත් කියා සිටින්නේ මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවන බවයි.
මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා විය.