කටාර් එයාර්වේස් ප්‍රධාන විධායක හා අගමැති අතර හමුවක්

    January, 6, 2016

    ලොව ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා සමාගමක් වන කටාර් එයාර්වේස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල් බකර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.

    අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණී කටාර් එයාර්වේස් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා වටයක් මෙහිදී පවත්වා තිබේ.

    මේ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද සහභාගී විය.