කටුනායකට මිලියන 320 ක වියදමින් නව ගුවන් කළමනාකරණ පද්ධතියක්

    December, 28, 2015

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි හා ගුවන් ගමන් සුරක්ෂිතව සිදු කිරීම සඳහා රුපියල් මිලියන 320 ක ඇස්තමේන්තුගත වියදමකින් ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය හා පවරාදීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    වර්තමානයේ එහි පවතින ගුවන් ගමන් කළමනාකරණ පද්ධතිය ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගෙන ඉහළ ගුවන් යානා ඝනත්වයක් ඇති ගුවන් අවකාශය තුළ පියාසර කරන ගුවන් ගමන් පාලනය සඳහා භාවිත කරනු ලබයි.