February, 16, 2026
2026 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඊයේ (15) කොළඹ දී පැවති ඉන්දීය - පාකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එම ජෙට් යානා පසුගිය 14 වන දා සිට ඉන්දියාව, පකිස්තානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් පැමිණ ඇති බවට වාර්තා වෙයි.
ඒ අතර පාකිස්තාන අමාත්‍යවරයකු ඇතුළු පිරිසක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඇතුළු ප්‍රභූන් රැසක් ද පැමිණ තිබුණි.
අද (16) උදෑසන වන විට එම පෞද්ගලික ජෙට් යානා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ නවතා තිබූ ආකාරය දැක ගත හැකි විය.
Video Story