කටුනායක ගුවන්තොටුපොළට තේ සාප්පු 5ක්

    July, 30, 2024

    කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මෙරටින් පිටත්වීමේ ගුවන්යානා පැමිණෙන තෙක් මගීන් රැඳී සිටින ප්‍රදේශයේ තේ අලෙවි කිරීමේ සාප්පු 05ක් දැනට ක්‍රියාත්මක වේ.
    එකී සාප්පු පවත්වාගෙන යෑම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.
    ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පහත සඳහන් සමාගම් වෙත අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    • Euro - Scan Exports (Pvt) Limited
    • English Tea Shop (UK) Limited
    • Sunshine Consumer Lanka Limited
    • U H E Exports (Pvt) Limited
    • Ceylon Royal Teas (Pvt) Limited