කටුනායක ගුවන්තොටේ හෝටලයක් හදන්න ආයෝජකයෙකු සොයයි

    August, 10, 2017

    ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දෙනු ලැබ තිබේ.

    එහෙත් ඉන් එක් ආයෝජකයෙකු සිය යෝජනාව අනුව ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කරනු ලැබ ඇති බැවින් එකී ඉඩම් කොටසෙහි ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු වෙනත් ආයෝජකයෙකු තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.