May, 28, 2015
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ.
මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි.
මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ.
මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සැලසුම් කර තිබුණේ පසුගිය රජය සමයේදීයි.
Video Story