July, 16, 2024
2024-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සීමිත තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත්ව තිබේ.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත වසර තුනක (03) කාලසීමාවක් සඳහා පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කවුන්ටර අංක 01 සම්පත් බෑන්ක් පීඑල්සී වෙත.
* කවුන්ටර අංක 02 මහජන බැංකුව වෙත.
* කවුන්ටර් අංක 03 කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී වෙත.
* කවුන්ටර් අංක 04 තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත.
* කවුන්ටර් අංක 05 ලංකා බැංකුව වෙත.