May, 22, 2015
පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.
මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.
මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.
ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුරප්පාඩුව වෙනුවෙන් පළකර තිබෙන දැන්වීම මෙන්න!



Video Story