January, 27, 2026
දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍රවලට අදාළ දිගුකාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව, විශේෂයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් බවට පත් ව තිබේ.
වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍රලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මඟින් සිදු කරනු ලබයි.
කෙසේ වුව ද, ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවාගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනාගනු ලැබ ඇති හෙයින්, පහත සඳහන් අරමුණු සහිත ව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
Video Story