November, 29, 2016
කයිසෙන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් පෞද්ගලික ආයතන 15 ක් වෙනුවෙන් අඛණ්ඩ වර්ධනය සඳහා උපදේශකත්වය සැපයේ. නිමි ඇඳුම්, ආහාර, රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ආයතන හා තේ කර්මාන්ත ශාලා ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ආයතන මේ අතර වේ.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වේ.
මෙහි විශේෂත්වය වන්නේ අදාළ ආයතනවල ගැටළු වලට බාහිරින් විසඳුම් ලබාදීම වෙනුවට එහි සේවය කරන අයගෙන් ම ගැටළු හා ඊට අදාළ විසඳුම් යෝජනා ලබා ගැනීමයි. 2016/2017 වසර දෙක ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා ඍජු හා වක්‍ර ප්‍රතිලාභ රාශියක් හිමි වේ. මානව සම්පත් සංවර්ධනය, වෙළඳපොළ ප්‍රවර්ධනය, ප්‍රමිති අවශ්‍යතා සපුරාලීම, නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ගුණාත්මය වැඩිදියුණු කිරීම, ඍජු හා වක්‍ර රැකියා බිහිවීම, සේවක ආකල්ප ප්‍රවර්ධනය, සේවක හා සේවක ගැටළු වලට විසඳුම් ලබාදීම ඒ අතර වේ. වැඩසටහන ක්‍රියාත්මක වසර දෙක පුරාවට ම සති දෙකකට වරක් අදාළ ආයතන නිරීක්ෂණය සිදුකෙරේ.