කලකට පසු කොටස් වෙළෙඳපොළෙන් අර්ධ ශතකයක්

    November, 6, 2015

    අද උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වඩාත් සක්‍රීය අයුරින් සිදු වෙමින් පැවති අතර පෙරවරු 10.50 වන විට ඒකක 52 කින් සියලු කොටස් මිල දර්ශක අගය ඉහළ ගොස් තිබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,069.96 ක් ලෙසින් වාර්තා විය. එසේම මිලියන 500 ක් ඉක්මවූ පිරිවැටුමක් ගනුදෙනු සිදු වූ මුල් පැය එකහමාරක කාලය තුළ දක්නට ලැබුණි.

    ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් සිය රජයේ මධ්‍ය කාලීන ආර්ථික සැලසුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය, මෙලෙස කොටස් වෙළෙඳපොළ ඉහළ වර්ධනයක් අත්පත් කර ගැනීමට හේතු වී ඇතැයි කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates