කල්කටාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන්

    June, 15, 2015

    අනිද්දා සිට කල්කටාව සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මිහින් ලංකා ගුවන් සේවය සූදානම් බවත් මෙහිදී සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරනු ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි.

    සංචාරකයින් ගෙන්වන්නන්ගේ ඉන්දියානු සංගමයේ සභාපති සුභාෂ් ගොයාල් සඳහන් කර තිබෙන්නේ මෙම සෘජු ගුවන් ගමන් නිසා මීට පෙර වැයවූ අමතර කාලය ඉතිරි කර ගැනීමට සංචාරකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

    කොඹට පැමිණ නැවතත් කල්කටාව දක්වා යෑමට රුපියල් 15,500 ක් අයකරන බවත් එයාර් බස් 319, A-320 හෝ A-321 යන යානා මිහින් ලංකා විසින් මේ සඳහා යොදාගනු ඇති බවත් සඳහන්ය.