May, 29, 2017
සිය සාමාජිකත්වයෙහි පවතින කලාපීය වැවිලි සමාගම් 22 තුළ කිසිදු ජීවිත හානියක් ගංවතුර හෝ නායයෑම නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
එහෙත් අදාළ ප්‍රදේශවලට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කිහිප දෙනෙකු අවතැන් වී ඇති බවත් කලාපීය වැවිලි සමාගම්වල වතු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ වන විට කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතු කිහිපයක් ජලයෙන් යටව ඇති නිසා යම් දේපළ හානියක් සිදුව ඇති බවට ඔවුන් සඳහන් කරන නමුදු ආපදා තත්ත්වය තවමත් පවතින හෙයින් එය ගණනය කිරීමේ අපහසුවක් ඇති බව සඳහන් කරයි.
Video Story