January, 18, 2016
ශ්‍රී ලංකාවේ ඉමහත් ජනපි්‍රයත්වයට පත් වාර්ෂික එළිමහන් කලා සල්පිල, කලා පොළ 2016 කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ දී එළඹෙන ජනවාරි 31 වන ඉරුදින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව සමඟින් ජෝර්ජ් කීට් පදනම විසින් සංවිධානය කරනු ලබන කලා පොළ ජනවාරි 31 වන ඉරුදින උදෑසන 8.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය.
ගෙවීගිය වසර 22 තුළ දී මෙන් මෙවර ද කලා පොළ සඳහා දිවයිනේ නන් දෙසින් දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේකෂා කෙරේ. ජනතාවගේ නෙත් සිත් වර්ණවත් කරමින් පැරීසියේ මොන්මාත්ර් වැනි පෞරාණික යුරෝපා අග නගරයන් හි පැවැත්වෙන එළිමහන් ගිම්හාන කලා පොළවල්වල ආභාෂය ලබාගනිමින් පැවැත්වෙන කලා පොළ කොළඹ සංස්කෘතික දිනපොතෙහි මග නොහැරිය යුතු ඉසව්වක් බවට අද වන විට පත්ව තිබේ.
1993 වසරේ පටන් ජෝර්ජ් කීට් පදනම විසින් පවත්වනු ලබන මෙම කලා පොළ, ජෝන් කීල්ස් සමූහයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ සවිමත් හවුල්කාරීත්වයකින් යුතුව සංවිධානය වන්නකි. ජෝන් කීල්ස් සමූහය මෙරට කලා හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් සිය අනුග්‍රාහකත්වය සපයනු ලබයි.
කලා පොළ 2016 සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝර්ජ් කීට් පදනමේ සභාපති සෙඩ්රික් ද සිල්වා මහතා, “පසුගිය දශක දෙක පුරාවට මෙරට ජනතාවගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වී තිඛෙන වාර්ෂික කලා ඉසව්වක් බවට කලා පොළ පත්වී තිඛෙනවා. මෙය හුදෙක් ප්‍රදර්ශනයකට පමණක් සීමා වී නැහැ. එය කලාකරුවන් හට ආදායම් ඉපයීම සඳහා අවස්ථාවක් ද හිමිකර දී තිඛෙනවා. පසුගිය දශක දෙක පුරාවට කලා පොළ සාර්ථක කර ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහය විසින් ලබාදෙන ලද මිල කළ නොහැකි අනුග්‍රහය වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය ද මේ අවස්ථාවේ මා පුදකර සිටිනවා“, යැයි සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සමාජ සත්කාරක වැඩසටහන් ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය කලා පොළ 2016 පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය. “කලාකරුවන්ට මෙන්ම ජනතාවට ද ලැඛෙන ප්‍රතිලාභ ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන ජෝන් කීල්ස් පදනමේ දැක්ම විදහා දක්වයි. චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් කලා පොළ සුවිශේෂී වේදිකාවක් වී තිඛෙනවා. මෙය ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට හා අලෙවියට පමණක් සීමා වූ ඉසව්වක් නොවෙයි. මෙහිදී ඔවුන් හට ස්ථීර ගනුදෙනුකරුවන් පිරිසක් ගොඩනඟා ගැනීමටත්, වෘත්තීමය වශයෙන් සිය නිර්මාණ ප්‍රවර්ධනය කරගැනීමටත් අවස්ථාව සැලසෙනවා. ඔවුන් හට වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමටත් ජාත්‍යන්තර තලයට යාමටත් ඉඩප්‍රස්ථා ලබා ගැනීම සඳහාත් කලා පොළ මනා පිටිවහලක් වී තිඛෙනවා. එසේම කලාකරුවන් හට එකිනෙකා ඇසුරේ අත්දැකීම් ලබාගනිමින් ලාංකීය කලා ෙකෂ්ත්‍රයේ සංවර්ධනය හා වැඩිදියුණුව වෙනුවෙන් කටයුතු කිරිමට අවස්ථාවක් මෙමගින් ලැඛෙනවා. ජෝර්ජ් කීට් පදනමේ සහ ජෝන් කීල්ස් සමූහයේ අභිප්‍රාය වන්නේ මෙරට කලාව ප්‍රවර්ධනය කරමින් ඉහළ තලයකට ගෙන ඒමයි. එහි කොටස්කරුවන් වීමට හැකිවීම ගැන අප ඉතා සතුටට පත්වෙනවා. අද වන විට කලා පොළ ජාත්‍යන්තර ඉසව්වක් මට්ටමට විකාශය වී තිඛෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ මෙන්ම පිටරටවල ද ගෘහයන් හා කාර්යාලවල බිත්ති ශ්‍රී ලාංකීය කලා කෘතිවලින් සැරසී තිබීම සතුටට කරුණක්.“
ශ්‍රී ලංකාවේ පළමු සහ එකම ආයතනික ඩිජිටල් කලාභවන වන Sri Lankan Art Gallery (www.srilankanartgallery.com) වෙබ් අඩවිය ජෝන් කීල්ස් පදනම විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පීන් හට තම කලා කෘති මෙම වෙබ් අඩවිය හරහා දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමට ද අවස්ථාව සැලසේ. Sri Lankan Art Gallery වෙබ් අඩවිය John Keells Art Gallery හරහා කෞතුක චිත්‍ර එක්රැස් කිරීමේ වැඩපිළිවෙලක් ද මෙහිදී කි්‍රයාවට නංවා තිබේ. මේ ස`දහා චිත්‍ර තෝරා ගැනීම කෞතුක චිත්‍ර පිළිබ`ද ප්‍රවීණතාවක් උසුලන මඬුල්ලක් විසින් සිදුකෙරේ. Sri Lankan Art Gallery හා ලියාපදිංචි වී සිටින චිත්‍ර ශිල්පීන් හට තම කෞතුක චිත්‍ර නිර්මාණ සඳහා ඉහළ ඉල්ලූමක් ලබා ගැනීමේ අවස්ථාව ද මෙමඟින් හිමිවනු ඇත.
පෙර වසරවල දී මෙන්ම මෙවර ද කලා පොළ නැරඹීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අයකෙරෙන්නේ නැත. එසේම මේ වන විට ඉහළ සංචාරක ආකර්ෂණයක් යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව පුරා මෙන්ම ලොව පුරා විසිරී සිටින සංචාරකයින් ගණනාවක් ද මෙවර කලා පොළ වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙසේ නන් දෙසින් කලා පොළ වෙත පැමිණෙන්නන්, ජනවාරි 31 වැනි ඉරුදින පුරාවටම ආනන්ද කුමාරස්වාමි මාවතේ දී ගිම්හාන කලා සල්පිලක අපූර්වතම ආශ්වාදය අත්විඳිනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු වේ.
Video Story