ක්ලෝගාඩ් ලෝක මුඛ සෞඛ්‍ය දිනයේදී දත් රෝග වලින් ආරක්ෂා වන ආකාරය කියාදෙයි

    March, 25, 2016

    දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීම වෙනුවෙන් කැපවී සිටින මෙරට අංක එකේ ශ‍්‍රී ලාංකේය දන්තාලේපය වන ක්ලෝගාඩ්, දත් කුහර වළක්වාගැනීමේ පිළියමක් ලෙස හා මෙරට ප‍්‍රජාව යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි. හේමාස් මැනුෆැක්චරින් සමාගම මගින් නිෂ්පාදනය කරන ප‍්‍රමුඛතම දන්තාලේපය වන ක්ලෝගාඩ්, දත් කුහර වලින් තොර රටවැසියන් පිරිසක් බිහිකිරීමේ ජාතික වගකීම වෙනුවෙන් කැපවී සිටියි.

    ක්ලෝගාඩ් මෙරට පවතින සුවිශේෂී යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු ප‍්‍රචලිත කිරීමේ වගකීම හිමි සන්නාමයකි. එබැවින්ම, ක්ලෝගාඩ් මගින් යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සමගින් දන්ත රෝග වලින් ආරක්ෂා වීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් වසර පුරාවටම දියත් කරනු ලැබ ඇත.

    දත් කුහර ඇතිවීමේ අවදානමෙන් වළක්වන මෙරට අංක එකේ ලාංකේය දන්තාලේපය වන ක්ලෝගාඩ් පසුගියදා ලෝක මුඛ සෞඛ්‍ය දිනය අභිමානවත්ව සැමරීමට එක්විය. කොළඹ හා ගාල්ල වැනි ප‍්‍රධාන නගර වලදී ක්ලෝගාඩ් සමග අත්වැල් බැඳගත් බොහෝ දෙනෙක් යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු ඇතිකරගැනීමේ වැදගත්කම පිළිබඳ සිය හඬ අවධි කිරීමට එක්විය. ‘‘උදෑසනින් දත් මදිමු, රාත‍්‍රියේදී දත් මදිමු, දිනකට දෙවරක් දත් මදිමු’’ ආදී ප‍්‍රකාශ සටහන් කළ කාඩ්පත් අත තබාගත් විවිධ තරාතිරම් වල පිරිස් මෙම අවස්ථාවට සහභාගී වී දත් කුහර වලින් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කිරීමට ප‍්‍රතිඥා දීම සිදුවිය.

    ‘‘රටවැසියන් දත් කුහර වලින් ආරක්ෂා කිරීමේ මෙරට අංක එකේ ලාංකේය දන්තාලේපය වන ක්ලෝගාඩ්, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු මෙරට ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය සුවිශේෂී ක‍්‍රියාමාර්ග ගෙන තිබීම ආඩම්බරයට කරුණකි. දත් කුහර මුලිනුපුටා දැමීමට දිවයින පුරා සිටින අප පාරිභෝගිකයින් දක්වන දැඩි උනන්දුව මෙවැනි දැවැන්ත ජන සහභාගීත්වයක් තුළින් යළි යළිත් පිළිබිඹු කරයි. එමෙන්ම, දත් කුහර ඇතිවීම මුලිනුපුටා දැමීමට ප‍්‍රතිඥා දීමට ද මෙමගින් ඔවුන්ව උනන්දු කරයි.’’ හේමාස් මැනුෆැක්චරින් (පුද්) සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය පැවසුවාය. ෆ්ලෝරයිඞ් අඩංගු දන්තාලේපයකින් දත් මදින දරුවන් හා වැඩිහිටියන්ට වයස් භේදයකින් තොරව ඔවුන්ගේ විදුරුමසේ නිරෝගී බව රැකගැනීමට හා දත් දිරායෑම වළක්වාගත හැකිබව පර්යේෂණ මගින් තහවුරු කර ඇත. ෆ්ලෝරයිඞ් අන්තර්ගත දන්තාලේප භාවිතය ප‍්‍රචලිත කිරීමට සහයවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප‍්‍රතිපත්ති මගින් ද ෆ්ලෝරයිඞ් අඩංගු දන්තාලේපයක් භාවිත කර මුඛ රෝග වළක්වාගැනීමේ වැදගත්කම විශේෂයෙන් පෙන්වා දී ඇත.

    ක්ලෝගාඞ්, පවුලේ සියළුම සාමාජිකයින් දත් කුහර වලින් ආරක්ෂා කිරීමට සමත්ය. ෆ්ලෝරයිඞ් හා කරාබු නැටි තෙල් සාරය අඩංගු ක්ලෝගාඞ් වලින් දවසට දෙවරක් දත් මැදීමෙන් දත් කුහර ඇතිවීමට හේතුවන විෂබීජ සමග සටන් කරන අතර මුව ආරක්ෂා කර මුඛ සෞඛ්‍ය රැකගැනීමට උපකාරී වෙයි.

    (LMRB ගෘහස්ථ සමීක්ෂණ දත්ත වලට අනුව ක්ලෝගාඩ් අංක එකේ දන්තාලේපය යන වෙළඳ නාමය දරයි (2015))