November, 4, 2016
ක්‍රිෂාන් බාලේන්ද්‍රන් සහ ගිහාන් කුරේ, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස නම් කර තිබේ. ඒ 2017 වසරේ සිට සමාගමේ අධ්යක්ෂ ධූරවලින් විශ්‍රාම ගන්නා අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් වෙනුවටය.
ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, 2007 වසරේ සිට ජෝන් කීල්ස් කොටස් තැරැව්කාර සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරනු ලබන අතර, ගිහාන් කුරේ සමූහයේ ආයෝජන හස්තය වන ජෝන් කීල්ස් කැපිටල් හි ප්‍රධානියා මෙන්ම ආයතනික මූල්‍ය හා මූලෝපායික අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලබයි.
ඡායාරූපය - ක්‍රිෂාන් බාලේන්ද්‍රන් (වමේ) සහ ගිහාන් කුරේ