July, 22, 2024
මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් පසුගිය 2024 ජූනි මාසයේ දී වාර්තා වී තිබේ.
එහිදී 2024 මැයි මාසය අවසන් වන විට භාවිතයේ පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,916,835 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2024 ජූනි මාසය අවසන් වන විට කාඩ්පත් 1,923,503 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය කාඩ්පත් 6,668 ක හෙවත් 0.34% ක වැඩිවීමකි.
මේ අතර මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 2024 ජූනි මාසය අවසන් වන විට හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 150,151 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2024 මැයි මාසය අවසන් වන විට සටහන්ව පැවතියේ රු. මිලියන 149,686 ක් ලෙසිනි. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වාර්තා වන හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 465 කින් ජූනි මාසය තුළ දී ඉහළ ගොස් ඇත. මෙය 0.31% ක වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

