ක්‍රෙඩිට් කාඩ් විසිහත් දහසක් අලුතෙන් අරගෙන

    October, 17, 2016

    පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට මෙරට සක්‍රීයව පවතින ක්‍රෙඩ්ට් කාඩ්පත් ප්‍රමාණය 1,253,876 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. මෙය පූර්ව මාසයේ අගය වූ 1,226,826 හා සැසඳීමේ දී 27,056 කින් ඉහළ යාමකි.

    2016 අගොස්තු මාසය තුළ දී දේශීය වශයෙන් පමණක් ගනුදෙනු කළ හැකි ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 36,177 සිට 35,880 දක්වා පහළ ගොස් තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ්පත් ගණන 1,190,643 සිට 1,217,996 දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර 2016 අගොස්තු මාසය අවසන් වන විට මෙම සියලු ක්‍රෙඩිට් කාඩ්පත්වල හිඟ මුදල් හි සමස්ත වටිනාකම රුපියල් මිලියන 67,664 ක් ලෙසින් වාර්තා වී ඇත.