ක්‍රෙඩිට් මෙන්ම ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් ප‍්‍රතිලාභ ලබාදෙන මෙරට පළමු වැඩසටහන කොමර්ෂල් බැංකුව වෙතින්

    November, 4, 2016

    ඩෙබිට් කාඞ්පත් සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් ඕනෑම වේලාවක සිදුකරන මිලදීගැනීමකදී ඒ වෙනුවෙන් ලකුණු රැුස්කර ගනිමින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ගෙන දෙන ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වැඩසටහන වන ‘COMBANK Max Loyalty Rewards’ කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී ඇත.

    මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා කොමර්ෂල් බැංකුව එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයෙහි ප‍්‍රමුඛතම ලෝයල්ටි සමාගමක් වන Infinia Services and Solutions සමග ඒකාබද්ධ වී සිටී. මෙම ලෝයල්ටි වැඩසටහන මගින් ගනුදෙනුකරුවන් විසින් ශ‍්‍රී ලංකාවේදී සහ පිටරට වලදී සිදුකරන මිලදීගැනීම් වලදී ලකුණු රැස්කර ගැනීමේ අවස්ථාව ලබාදෙන අතර නැවතත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී රැස්කර ගත් එක් එක් ලකුණ සඳහා රුපියලක වටිනාකමක් අඩුකර ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට හිමිවේ.

    මෙම වැඩසටහන යටතේ ප්ලැටිනම්, ගෝල්ඞ් සහ සිල්වර් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී වැයකරන සෑම රුපියල් 300 ක් සඳහා එක් ලකුණක් බැගින් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී වැයකරන සෑම රුපියල් 500 ක් සඳහා එක් ලකුණක් බැගින් හිමි වේ.

    මෙම ලෝයල්ටි වැඩසටහන 2016 නොවැම්බර් 01 වනදා සිට ආරම්භ වූ බවත් ගනුදෙනුකරුවන්ට ලැබෙන වාර්තා තුළ දෙසැම්බර් මාසයේ සිට මෙම ලකුණු සටහන් වනු ඇති බවත් කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

    මෙසේ රැස්කර ගන්නා ලකුණු වැයකිරීම සඳහා ගනුදෙනු කරුවන්ට වඩාත් ආකර්ශනීය අවස්ථාවන් ලබාදීමට බැංකුව සැලසුම් කර තිබෙන බව බැංකුව පවසයි. මෙම අවස්ථාවන්ට ලෝකයේ ප‍්‍රසිද්ධ ගුවන් සමාගම්, හෝටල්, ඊ- වාණිජ්‍යය වෙබ් අඩවි තුළින් කරන මිලදී ගැනීම් සහ ශ‍්‍රී ලංකාවේ බොහෝ අලෙවි සැල් වලින් සිදුකරන මිලදී ගැනීම් ඇතුළත් වේ.

    පාර්ශවකාර වෙළඳ ආයතන සමග බැංකුව විසින් සිදුකරන 'Dine & Smile' සහ 'Easy Vacations' ප‍්‍රවර්ධන වැඩසටහන් වලදී වසරක් තුළදී කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට ආහාර පාන ගැනීමේදී සහ නිවාඩු ගත කිරීමේදී සුවිශේෂී වට්ටම් රැුසක් හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ. කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබා දෙන්නේ බැංකුවේිකොම්ඞීල්ස්’ සේවාව හරහා මෙරට මහා පරිමාණ අලෙවිසැල් ගණනාවකදී පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ලබාදෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප‍්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඞ් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමටද කොමර්ෂල් බැංකුවේ කාඞ් හිමියන් සුදුසුකම් ලබයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 640 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ 2016 වසරේ සැප්තැම්බර් මාසයේ මාලදිවයින තුළ ආරම්භ කළ පළමු පෙළ බැංකුව පවත්වාගෙන යයි. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට මෑතකදී බලපත‍්‍රයක් හිමිවිය.