May, 5, 2016
කාන්තා කළමනාකරණ ආයතනය (WIM) සහ ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) 6 වන විද්වත් කාන්තා වෘත්තීයවේදීන්ගේ සම්මාන උළෙල 2016 සඳහා අද දින අයදුම්පත් විවෘත කරන ලදී. තම රැකියාවලින්, ව්‍යාපාරවලින් සහ එදිනෙදා ජීවිතයෙන් තමන් මෙන්ම අන්‍යයන් දිරිමත් කළ විශිෂ්ට කාන්තාවන් මෙම සම්මාන උළෙලින් අගයනු ඇත.
අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ වී ඇති අතර එය 2016 මැයි 30 වන දින අවසන් වෙයි. සම්මාන උළෙල 2016 ජුනි 24 දින පැවැත්වීමට සැලසුම් කර ඇත. පසුගිය වසරේදී කාණ්ඩ 22ක් යටතේ කාන්තාවන් 55 දෙනකු සම්මානයට පාත්‍ර විය.
කාන්තා කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ/සභාපතිනි සුලෝචනා සිගේරා මහත්මිය පැවසුවේ, “මේ වසරේ සම්මානවලින් ශ්‍රී ලංකාවේ විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ට අන්තර්ජාතික වශයෙන් කළ හැකි බලපෑම ඉස්මතු කරනු ලබනවා. අපි මෙහිදී ධෛර්යමත් කරන්නේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉහළට ගොස් සිටින කාන්තාවන් හා ඔබව පොළඹවනු ලැබූ තවත් කාන්තාවන් දී ඇති කාණ්ඩ ඔස්සේ නම් කරන ලෙසයි“, යනුවෙනි.
www.womeninmanagementawards.org යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැක.
“WIM පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකාවේ විශිෂ්ට කාන්තා නියමුවන්ගේ ජයග්‍රහනයන් අගය කිරීම, ඔවුන්ගේම වෙළෙඳ නාමයන්ගේ ඉදිරි පියවර තැබීමට හේතුවක් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනා ජාත්‍යන්තර අදහස් දරන පුරෝගාමීන් බවට පත්වෙලා තියෙනවා“ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
කාන්තා ව්‍යවසායකයින්, සේවකයින්, සැපයුම්කරුවන් සහ පුරෝගාමීන් ආර්ථීක වර්ධනයේ සහ අවකාශයේ පදනම වේ.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ග්‍රැහැම් හැරිස් මහතා පවසන පරිදි “ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පුද්ගලික ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ භූමිකාව ශක්තිමත් කීරීම මගින් වෙළෙඳපළ පරිවර්තනය කිරීමට ද සහාය වනවා. IFC සහ WIM සහයෝගයෙන් මෙම සම්මාන ලබා දීම සහ අනෙකුත් මුල පිරීම් ගණනාවක් මගින් විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ට කුසලතා වර්ධනය කර ගැනීමට සහ නව දේශීය සහ විදේශ වෙළෙඳපළවල් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීමට නව අවස්ථාවන් සලසා දෙනවා“.
ලංකා සතොස සභාපති සහ 2016 තරග විනිසුරු මඩුල්ලේ සාමාජික ආචාර්ය රොහාන්ත අතුකෝරාළ මහතා “පසුගිය වසරේ මෙන් මේ වසරේදීත් විනිසුරු මඩුල්ල ඉහළ පෙළේ විද්වතුන්ගෙන් සමන්විත වනවා. ඔවුන් සම්මානවලින් අගයන ජයග්‍රාහකයින් සැබෑම විශිෂ්ටයින් බව තහවුරු කරනවා. ශිරෝමාල් කුරේ, ග්‍රැහැම් සහ මට අමතරව ඩෝන් ඔස්ටින්, අයෝමි අළුවිහාරේ සහ කුමාර් සමරසිංහ මේ වසරේදී විනිසුරු මඩුල්ලට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා“, යනුවෙන් සඳහන් කළේය.
ජෙට්වින්ග් ට්‍රැවල්ස් කළමනාකාර අධ්‍යක්ෂ සහ 2015 සම්මානලාභී ශිරෝමාල් කුරේ “විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙලේ දී අගයනු ලැබීම බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ලැඛෙන වැදගත් පිළිගැනීමක්. එයින් ඔවුන්ගේ පිළිගැනීම දේශීය වශයෙන් නැංවෙන අතර ජාත්‍යන්තර සාර්ථකත්වයන් සඳහා ඵලදායී අඩිතාලමක් වනු ඇත. හේමාස් ට්‍රාන්ස්පොටේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන්, ප්‍රයිම් ලෑන්ඩ්ස් කළමනාකාර අධ්‍යක්ෂ සඳමිණි පෙරේරා සහ මඩකලපුවේ රජයේ එජන්ත පී. එස්. එම්. චාල්ස් ඇතුළුව විශිෂ්ට වෘත්තිකයින් ගණනාවක් මෙම සම්මාන උළෙලින් ඇගයීමට පාත්‍ර වී තියෙනවා“ යනුවෙන් පැවසුවාය.
Video Story