March, 8, 2016
අදට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව ව්‍යාපාරික හා ආයතනික ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය සනිටුහන් කරනු වස් කොළඹ කොටස් වෙළෙඳපොළ හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සැමරුම් උළෙලක් පසුගියදා (04) සංවිධානය කරනු ලැබීය.
මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වීමේ සීනුව හැඬවීමට ජාතික හා ජාත්‍යන්තර ආයතන කිහිපයකම නියෝජිතයෝ එක්වී සිටියහ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති වජිර කුලතිලක, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිනි ශිරෝමාලා කුරේ, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින නේවාසික අධ්‍යක්ෂ ෆ්‍රැන්කොයිස් ක්ලොට්ස්, ආත්‍යන්තර මූල්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ග්‍රේම් ඒ හැරිස්, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීනි ලිලානි පෙරේරා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මේ අවස්ථාවට එක් විය.
https://www.youtube.com/watch?v=F0OYSXr-OUY&feature=youtu.be
Video Story