කාන්තා හුටපටයක් නිසා පැකර් යළිත් කරළියට -Photo

    September, 15, 2014

    කැසිනෝ රජෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් පිළිබඳව ලාංකිකයින් දැඩි අවධානයකින් පසුවේ. ඒ ඔහු මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන නිසාවෙනි.

    මීට ටික කලකට පෙර තම මිතුරෙකුට දත් හැලෙන්නට ගැසූ පැකර් මේ දිනවල කාන්තාවන් දෙදෙනෙකු නිසා අළුත් ප්‍රවෘත්තියක් මවන්නට සමත්ව තිබේ.

    පැකර් මෙම කාන්තාවන් දෙදෙනාගෙන් ස්පාඤ්ඤයේදී සු‍ඛෝපභෝගී බෝට්ටුවක දිගාවී සම්බාහනයක් ලබාගන්නා ආකාරය සේයාරුවකට නගා ගැනීමට පැපරාසි ඡායාරූප ශිල්පියෙකු සමත්වී තිබෙන අතර එය අන්තර් ජාලයේ මේ දිනවල අතිශය ජනප්‍රිය වී ඇත.

    වාර්තා වන්නේ පැකර්ගේ මෙම කාන්තා හුටපටය පිළිබඳව පැපරාසි මාධ්‍ය ලෝකයම දැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි.

    ඉහත දැක්වෙන්නේ එම සේයාරුවයි.