කාර්මික ආරවුල් බේරුම්කරුවන්ගේ ගාස්තු වෙනස්වෙයි

    February, 15, 2016

    කාර්මික ආරවුල් පනත යටතේ පත් කරනු ලබන බේරුම්කරුවන්ට සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන්ට පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු පිළිබඳ රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    මේ අනුව පරීක්ෂණ කටයුතු පැවැත්වීම වෙනුවෙන් බේරුම්කරුවන්ට සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගාස්තු ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය හා ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුව ඇත.

    මේ සම්බන්ධයෙන් දැනට බලපැවැත්වෙන 2008-03-28 දිනැති අංක 1542/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සංශෝධනය කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණඩලය විසින් අනුමත කර තිබේ.