June, 20, 2016
Intel සමාගමේ, Intel Processor පදනම් කරගත් 2 in 1 පරිගණක වල විශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ කාර්යක්ෂමතාව, පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කරන ලදී. Intel සමාගමේ වැඩි ලාභ උපයන පුද්ගල පරිගණක (Personal Computers) ව්‍යාපාරයක් සදහා සිදු කරන ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රමෝපාය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම 2 in 1 පරිගණක මහඟු මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2 in 1 පරිගණක යනු ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක කාණ්ඩ දෙකෙහිම හැකියාවන් එකට කැටි කර තනි ඒකකයක් වශයෙන් නිර්මාණය කරන ලද පරිගණක කාණ්ඩයකි. මෙමගින් පරිගණකයක් සහ ටැබ් එකක් වෙන වෙනම රැගෙන යාමේ හෝ මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. Intel Processor මගින් බල ගැන්වුණු 2 in 1 පුද්ගල පරිගණක මගින් ස්පර්ශක තිර සහිත ලැප්ටොප් පරිගණකයක වේගවත් බව මෙන්ම පරිගණකයෙන් වෙන් කළ හැකි ටැබ්ලට් පරිගණකයක ක්‍රියාකාරිත්වය එක වර ලබා දෙයි. එසේම භාවිත කරන්නාට සැණෙකින් තම ලැප්ටොප් පරිගණකය ටැබ්ලට් පරිගණකයක් බවට පත් කරගත හැකි අතර වඩා පහසුවෙන් භාවිත කිරීම සඳහා යතුරු පුවරුව වෙන් නොකර තැබීමේ හැකියාව ද ඇත. Intel සමාගමේ දැක්ම වන්නේ මෙම 2 in 1 පරිගණක සඳහා ඉහළ වර්ධනයක් අත්පත් කරගනු දැකීම වේ. නවතම International Data Corporation (IDC) සංඛ්‍යාලේඛන අනුව යෝජිත 2 in 1 පරිගණක වේගවත්ම වර්ධනයක් ඇති ජංගම පරිගණක කාණ්ඩය බවට පත්ව තිබේ.
Intel EM Ltd හි ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කාර්යාලයේ මෙරට ව්‍යාපාර කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා මේ අවස්ථාවේදී අදහස් පළ කරමින් මෙසේ පැවසීය. “නෝට්බුක් පරිගණකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා Intel සමාගම වසර ගණනාවක් පුරා පැමිණි ගමන්මග මේ 2 in 1 පරිගණක මගින් පෙන්නුම් කෙරෙනවා. 2011 වසරේ පටන් Intel Core Processor මගින් 2 in 1 නිර්මාණ රැසක් බලගැන්වුණු අතර අපගේ Processor වල විශිෂ්ට ක්‍රියාකාරිත්වය ලොව පුරා පාරිභෝගිකයින් විශාල පිරිසක් භාවිතය සඳහා යොදාගෙන තිඛෙනවා. සම්ප්‍රදායික ලැප්ටොප් පරිගණක හා සැසඳීමේදී වෙන් කළ හැකි යතුරු පුවරුවක් හා අංශක 360ක නම්‍යතාවය මගින් සියලූ කටයුතු ඉතා පහසුවෙන් ඉටු කරගැනීමට මෙම කාණ්ඩය මගින් අවකාශ ලැඛෙනවා. එකම මිලට ලබාගත හැකි 2 සබ 1 පරිගණක වල හැකියාවන් සමග සැසඳීමේදී සම්ප්‍රදායික ලැප්ටොප් පරිගණකයකට කළ හැකි දේ ඉතාම සීමිතයි. Intel Processor වල ප්‍රබලතාවය 2 in 1 පරිගණක සඳහා දැවැන්ත වෙළඳපොලක් නිර්මාණය කරන අතර එමගින් 2 in 1 නිර්මාණ වලට විවිධත්වයක් ද ලබා දී තිබෙනවා. එමගින් එහි මිල ගණන් ද සැලකිය යුතු පරිදි අඩු කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා”.
Intel 2 in 1 පරිගණක කාණ්ඩ 2ක් යටතේ වෙළඳපොලට නිකුත් කෙරේ. එනම් වෙනස් කළ හැකි සහ වෙන් කළ හැකි ආකාර ලෙසයි. වෙනස් කළ හැකි 2 in 1 පරිගණක ප්‍රමාණයෙන් විශාල තිරයක් සහිත වන අතර වැඩි ජංගම ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය භාවිත කරන්නන් සඳහා (වෘත්තීය ජංගම දුරකථන භාවිත කරන්නන්, ඡායාරූප සහ වීඩියෝ සංස්කරණය කිරීම සඳහා) මෙය වඩා යෝග්‍ය වේ. භාවිත කරන්නාට තිරය Flip, Swivel හෝ Slide කිරීමෙන් මෙය ටැබ්ලට් පරිගණකයක් බවට පත් කරගත හැකිය. වෙන් කළ හැකි 2 in 1 පරිගණක ප්‍රමාණයෙන් කුඩා තිරයකින් සමන්විත වන අතර නිතර ගමනේ යෙදෙන පාරිභෝගිකයින්ට හෝ ශිෂ්‍යයින්ට එය වඩා සුදුසු වේ. භාවිත කරන්නාට උපරිම ජංගමතාවයක් ලබාදෙමින් මෙහි යතුරු පුවරුව ඕනෑම වේලාවක ගලවා ඉවත් කිරීමේ හැකියාව ඇත. මෙම වර්ග දෙකම 6 වැනි පරපුරේ Intel Core Processor මගින් බලගැන්වී තිබේ.
Intel Processor මගින් බලගැන්වුණු 2 in 1 පරිගණක ව්‍යාපාර මෙන්ම අධ්‍යාපනික කටයුතු සඳහා ද වැඩි වශයෙන් ඵලදායී වේ. 6 වැනි පරපුරේ Intel Core M Processor මගින් මෙම පරිගණක සඳහා නව්‍යකරණය මෙන්ම රැහැන් වලින් නිදහස ලබා දී ඇත. වැඩි දියුණු කරන ලද බැටරි ආයු කාලය සමගින් භාවිත කරන්නාට යන එන ඕනෑම තැනකදී පැය 10ක් දක්වා 2 in 1 පරිගණකයෙන් තම කටයුතු ඉටු කරගැනීමට හැකියාව ලැබේ. එසේම මෙම Processor මගින් 40 fps ක Full HD පහසුකම ලබාදෙන බැවින් පරිගණක ක්‍රීඩා ප්‍රිය කරනන්න්ට ඒ සඳහා ඇසට පහසු අත්දැකීමක් මෙන්ම අසමසම වූ රූප රාමු ලබාදෙයි.
Video Story