කාල් කෘස් ලංකාවේ යුනිලිවර් මහ පුටුවට

    March, 17, 2016

    යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා ලෙසින් කාල් කෘස් මහතා පත් කර තිබේ. 2016 මාර්තු 01 වැනි දා සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.

    මීට පෙර යුනිලිවර් ශ්‍රී ලංකා හි සභාපතිවරයා වශයෙන් කටයුකු කළ ෂෙසියා සෙයිඩ්, යුනිලිවර් පකිස්තාන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වැඩභාර ගැනීම නිසා ඇති වූ පුරප්පාඩුව සපුරාලනු පිණිස කාල් කෘස් මහතා මෙම තනතුරට පත් කර තිබේ.

    කෘස් මහතා මීට පෙර යුනිලිවර් පිලිපීන්ස් හි උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.