December, 17, 2015
කොළඹ කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තර මිල දර්ශකයක් වන S&P Sri Lanka 20 දර්ශකයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. මේ අනුව S&P Sri Lanka 20 දර්ශකය ගණනය සඳහා සලකා බලන සමාගම් 20 අතුරින් කාසන්ස් සමූහයට අයත් කාසන්ස් කම්බර්බැච් පීඑල්සී, බුකිට් ඩාරා පීඑල්සී හා ලයන් බෘෘවරි යන සමාගම් ත්‍රිත්වය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තවදුරටත් ඒ සඳහා සුදුසුකම් නොලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මෙම සමාගම් S&P Sri Lanka 20 න් ඉවත් වීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පසුගිය කාලය තුළ දී එම සමාගම්වල කොටස් ගනුදෙනු ඉතා පහළ මට්ටමක පැවතීමයි.
මෙලෙස ඉවත්වන සමාගම් වෙනුවට නම් කර ඇති නව සමාගම් වනුයේ, ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්ස්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් හතරයි.
නව සමාගම් අන්තර්ගතය අනුව එළිදැක්වෙන S&P Sri Lanka 20 දර්ශකය එළඹෙන දෙසැම්බර් 21 වන දා සිට ගණනය කිරීමට නියමිතය.
සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ දී ගනුදෙනු වී ඇති කොටස් ප්‍රමාණය, ද්‍රවශීලතාවය, සමාගම් හි මූල්‍ය තත්ත්වය යනාදී කරුණු මෙකී දර්ශකය සඳහා ගණනය කරනු ලබන නිර්ණායක වේ. අන්තර්ජාතික පරිචයන් හා ප්‍රමිතීන්ට අනුව ගණනය කෙරෙනු ලබන මෙම දර්ශකය සඳහා තෝරා ගනු ලබන සමාගම්, S&P Dow Jones Indices හා MCSI විසින් සංවර්ධනය කරන ලද Global Industry Classification Standard (GICS®) ට අනුව වර්ගීකරණය කර තිබේ.
නව S&P Sri Lanka 20 දර්ශකය සඳහා යොදා ගනු ලබන ලැයිස්තුගත සමගාම් 20 පහත පරිදි වේ.
Video Story