November, 21, 2016
ඉදිකිරීම් සහ කැණීම් යන්ත්‍රෝපකරණ, ඩීසල් සහ ස්වභාවික වායු එන්ජින්, කාර්මික වායු ට'බයින සහ ඩීසල්-විදුලි ධාවන යන්ත්‍ර නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකුවන කැටපිලර් සමාගම ඩො. බිලියන 5.425 ක සමස්ත සන්නාම අගයක් සමගින් ඉන්ටර්බ්‍රෑන්ඩ් සංවිධානය විසින් නිකුත් කරන ලද නවත ම ගෝලීය විශිෂ්ට සන්නාම ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් විය. මේ අනුව කැටපිලර් සමාගම අඛණ්ඩව 15 වන වසරටත් ලොව විශිෂ්ටත ම සන්නාම 100 අතරට මෙලෙස ඇතුළත් වීම එම සමාගම ලොව පුරා ලබා ඇති ඉහළ කීර්තිය කියා පාන දර්ශකයක් ලෙස දැක්විය හැකිය.
මුල්‍ය කාර්යසාධනය, පාරිභෝගික තේරීම සඳහා සන්නාමය ඇති කළ බලපෑම සහ සමාගමට ආදායම් උපයා දීමට සන්නාමයට ඇති හැකියාව යන කරුණු තුන තුළ ඉහල ප්‍රසාද ලකුණු හිමිකර ගැනීම කැටපිලර් සමාගම මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට හේතු විය.
"වර්ධනයේ ව්‍යූහය" යන තේමාව ඔස්සේ ඉදිරිපත් කෙරුණු මෙවර වාර්තාව සිය සන්නාම ඉදිරියේදී කෙසේ වර්ධනය වේ ද යන්න පිළිබඳ සමාගම් දරන මතය බෙදාහදා ගැනීමේ අවස්ථාව සමාගම් වෙත හිමකර දී ඇත. Champion for Your Enduring Success යන සන්නාම ප්‍රතිඥාව සහ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම වෙනුවෙන් කැටපිලර් සමාගම මෙහිදී ඇගයුමට ලක් විය. නවෝත්පාදනය තුළ පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීම සහ "The Age of Smart Iron" ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙවර වාර්තාවේ වඩාත් කැපී පෙනෙන සාර්ථකත්වයේ සාධකය විය.
Cat නිෂ්පාදන සඳහා අසමසම පාරිභෝගික සේවාවක් ලබා දීමේ හැකියාවෙන් යුතු ගෝලීය වශයෙන් සවිමත් අලෙවි නියෝජිත ජාලය කැටපිලර් සමාගමේ ගෝලීය සාර්ථකත්වයේ රහසයි. කැටපිලර් නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදා හැරීමේ එක ම බලය ලත් අලෙවි නියෝජිතයාවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සියලු ම ශ්‍රී ලාංකේය කර්මාන්ත සඳහා ඉංජිනේරු විසඳුම් ලබා දෙන පුරෝගාමියෙකු ලෙස ක්ෂේත්‍රය තුළ කීර්තියට පත්ව සිටී.
මීට දශක හයකට පෙර ආරම්භ කරන ලද UTE සමාගම, ලෝක මට්ටමේ පසු-අලෙවි විකුණුම් සහ අසමසම පාරිභෝගික සේවාවක් ලබා දෙමින් සිය සන්නාමය පාරිභෝගික හදවත් තුළ ස්ථාපනය කිරීමට සමත් විය.
"සිය ගෝලීය සන්නාමයවන කැටපිලර් සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් උසස් නිෂ්පාදන සහ සේවා මෙරට පාරිභෝගිකයන් හට දායාද කිරීමට UTE සමාගම සමත්ව සිටිනවා. නිෂ්පාදන ප්‍රමිතිය, සන්නාම අගය සහ නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වය තුළ පෙරමුණේ පසු වීමට කැටපිලර් කණ්ඩායම දරන කැපවීම ඉන්ටර්බ්‍රෑන්ඩ් ආයතනය යළිත් වරක් තහවුරු කර තිබෙනවා." UTE සමාගමේ අලෙවි සහ පරිපාලන සාමාන්‍යාධිකාරී නලින් මනෝරත්න මහතා ප්‍රකාශ කළේය.
සේයා රූ සටහන : Cat® 312D2 යන්ත්‍ර
Video Story