November, 11, 2015
කැන්ඩර් ඇසෙට් මැනේජ්මන්ට් (පුද්) සමාගම විසින් දියත් කරන ලද කැන්ඩර් ඔපචුනටීස් ෆන්ඩ් අරමුදලෙහි නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී තිබේ.
එහිදී රු. 10 බැගින් වූ ඒකක මිලියන 50 ක් පළමු අදියරේ දී නිකුත් කෙරුණු අතර ඒ සඳහා මේ වන විට අධිදායකත්වයක් ලැබී ඇතැයි සමාගම පවසයි. ඒ අනුව රුපියල් මිලියන 500 ක් ඉක්මවූ අයදුම්පත් ලැබී ඇති බව සමාගම සඳහන් කරයි.
පළමු ඒකක නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබුණහොත් තවත් ඒකක මිලියන 25 ක් නිකුත් කිරීමට සමාගම සැලසුම් කර තිබුණි. මේ අනුව තවත් මිලියන 250 ක අරමුදලක් රැස් කර ගැනීමට මේ අනුව කටයුතු කරන බව කැන්ඩර් ඇසෙට් මැනේජ්මන්ට් (පුද්) සමාගම වැඩිදුරටත් කියා සිටී.
Video Story