May, 27, 2025
2011 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරක/ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම ස්ථාපනය කරනු ලැබ ඇත.
එම සමාගමේ ආයෝජනයක් වන 'ග්‍රෑන්ඩ් හයිට්, කොළඹ' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සිනෝලංකා හොටෙල් ඇන්ඩ් ස්පා (පුද්ගලික) සමාගම ස්ථාපිත කර තිබේ.
'රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩසටහන' යටතේ කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීම සඳහාත්, එකී කාර්යය සඳහා ගනුදෙනු උපදේශක වශයෙන් ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු එල්එල්පී සමාගම තෝරා ගැනීම සඳහාත් එවකට පැවති අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත.
'ග්‍රෑන්ඩ් හයිට්, කොළඹ' ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් පමණ (රුපියල් බිලියන 36ක් පමණ) අවශ්‍ය වනු ඇතැයි මේ වන විට ඇස්තමේන්තු කර තිබේ.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් අවශ්‍ය අරමුදල් එම සමාගමේ කොටස් හිමියන්ගෙන් හෝ ණය මූල්‍යකරණය හරහා හෝ ලබා ගැනීමට පවතින අපහසුතාව සැලකිල්ලට ගෙන, සමාගමේ කොටස් විකිණීමේ ක්‍රියාවලියක් හරහා අවශ්‍ය අරමුදල් සලසා ගෙන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර, වාණිජමය මෙහෙයුම් ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය විකල්පය වශයෙන් හඳුනාගෙන ඇත.
ඒ අනුව, කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ කොටස් අයිතිය බැහැර කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමටත්, ඒ සඳහා තවදුරටත් ගනුදෙනු උපදේශක ලෙස ඉන්දියාවේ ඩෙලොයිට් ටච් හමත්සු එල්එල්පී සමාගමේ සේවය ලබා ගැනීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශෙයන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story